*මල්ලි පහේ විබාගේ පාස් කියල රස්සාවල් ගන්න බැහැ, වැඩිහිටියන්ට ගරු නොකරන
සමජසාරධර්ම වලට ගරහන අය කොපමණ ඉගෙනගත්තත් පුහු මිනිසෙක් වෙනවා. පොතපතෙහි
අධ්‍යාපනට පමණක් පිරිපුන් මිනිසෙක් හදන්නට බැහැ. ඉදිරි විබාගත් හොඳින් කරන්න,
සිංහල අපි කවදාවත් වෛර බඳින්නේ නැහැ ඔයාල වගේ.*

2011/10/5 Leslie Amarabandu <[email protected]>

> මට වඳින්න බෑ” කිව් දෙමළ දරුවා සහ වර්ගවාදයේ සැබෑ මුහුණුවර
> By රංග ජයවර්ධන, on September 29th, 2011
>
>
>
>
>
>
>
> පහත දැක්වෙන්නේ එක්තරා “ගොසිප්” අඩවියක එකක පළවූ පුවතක් වන අතර එහි ඇති
> විශේෂත්වය නිසාම සිංහල බෞද්ධයා අඩවියේ පළ කළ යුතු යැයි සිතුණා.
> වැඩිහිටියෙකුට පමණක් නොව ආගමික නායකයෙකුට පවා වැඳීම ප්‍රතික්ෂේප කිරීමට
> කුඩා දරුවෙකුට ඇති අයිතිය මම තරයේම පිළිගන්නවා, එසේම ඒ දරුවා කියන
> කරුණුත් සාධාරණ බවත් මම පිළිගන්නවා. එනිසා මේ ලිපිය පළ කිරීමේ අරමුණ මේ
> කුඩා දරුවාව විවේචනය කිරීම නොවන බව පළමුවෙන්ම කියන්නට ඕනෑ.
>
>
> සමහරු කියාවි අපි මේ ගැන කතා කිරීම වැරදියි කියල, ඒත් ඒ දරුවාට නොවැඳ
> සිටීමට මෙන්ම අපිටත් මේ ගැන සහ මෙහි සැඟවී ඇති යථාර්තය ගැන කතා කිරීමට
> අයිතියකුත් තිබිය යුතුයි කියල මතක් කරන්න ඕනෑ.
>
> ඇත්තෙන්ම මේ දරුවා තනියම ඉගෙන ගත්ත බව හැබෑව, එහෙත් ඒ දරුවාට අධ්‍යාපනය
> ලැබීමට අවශ්‍ය ආණ්ඩුවේ පොත් පත් සහ පාසල් අධ්‍යාපනය රජයෙන් ලැබුන බව අමතක
> කරන්න බෑ. කවුරුන් විරුද්ධ වුනත් ඒ අවස්ථවේ ජනතාවගේ නියෝජිතයා වන්නේ
> බන්දුල ගුණවර්ධන ඇමතිවරයා බවත් අමතක කළ නොහැකියි. ඉතින් ඔහුට නොමිළයේ
> ලැබුන අධ්‍යාපනය වෙනුවෙන් ජනතාවට ලැබිය යුතු ගෞරවයට මොකද වෙන්නේ?
>
> අනෙක් අතට හිංදු ආගමෙන් ඉගැන්වෙන සෘග් වේදයට අනුවත් කුඩා දරුවන්
> වැඩිහිටියන්ට ගරු කළ යුතුයි. එහිදී ගරු කළ යුත්තේ තමාට ලැබුන දේවල් අනුව
> නොව වැඩිහිටියාගේ ඇති පාණ්ඩිත්‍යය වෙනුවෙනුයි. මින් පෙනෙන්නේ දැන් දැන්
> දෙමළ දරුවන් තම ආගම අත හරින බවද? එසේනම් ආගමෙන් මුක්ත වීමෙන් ඇති වන හිස්
> තැන පිරවෙන්නේ කුමකින්ද? අපි හිංදු දහම පිළි නොගත්තත් ආගමකින් සමාජය තුළ
> ඇති කරන ශික්ෂණය බටහිර දැණුමෙන් සහ නීතිය ක්‍රියාත්මක වීමෙන් පමණක් ඇති
> නොවන බව මීට මාස කිහිපයකට පෙර එංගලන්තයේ ඇති වුන සමාජ විනාශකාරී කෝළහලය
> මෙනෙහි කිරීමෙන්ම වැටහෙයි.
>
> මාගේ ප්‍රශ්නය වන්නේ මෙතරම් කුඩා දරුවෙකුට මේ ආකාරයේ සිතිවිල්ලක්, මෙතරම්
> උද්වේගකර අවස්ථාවකදී සිතට ඒවිද යන්නයි. පැහැදිලිවම පෙනෙන සත්‍යයනම් මෙය
> සැලසුම් කර කරන ලද්දක් බවයි. එහිදී ඒ දරුවාගේ දෙමාපියන් විසින් දරුවාට
> මෙය නොපැවසුවා කිව හැක්කේ කෙසේද?
>
> ටිකක් හිතන්න, ඩග්ලස් දේවානන්දා හෝ අලෙව් මව්ලානා සිංහල පාසලක උත්සවයට
> පැමිණ ත්‍යාග සහ සහතිකපත් බෙදන විට විරුද්ධ පක්ෂය නියෝජනය කරන පවුල්
> වලින් එන සිංහල බෞද්ධ දරුවන් වුනත් ඔවුන්ට වැඳීම ප්‍රතික්ෂේප කරනවාද?
> එසේම සිංහල බෞද්ධ වැඩිහිටියන් තම දරුවන්ට කිසිදා උගන්වාවිද, “ඕකා දෙමළා/
> ඕකා තම්බියා/ ඕකා ආණ්ඩුවේ/ ඕකා විපක්ෂයේ, ඕකට වඳින්න එපා…” කියලා?
>
> අන්න එතනදී මිතුරනි සමහර දෙමළ ජනතාව තම දරුවන්ගේ සිත් තුළ නැවතත්
> වර්ගවාදය වපුරන්නට හදන හැටි පැහැදිලිවම පෙනෙනවා. මෙය “පශ්චාත් වර්ගවාදය”
> ක් ලෙස හඳුන්වා දිය හැකියි. එහෙත් සිංහල ජනතාවට එවැනි වර්ගවාදයක් හෝ
> දරුවන්ට ප්‍රවේණි කරන්නට අවශ්‍ය වන වර්ගවාදයක් නෑ. ඒත් එන්.ජී.ඕ වලින්
> ඩොලර් ගිලින බටහිරයින් සහ උන්ගේ බැලයින් සිංහල ජනතාවට පමණක් ජාතිවාදයක්
> ගැන ඇඟිල්ල දිගු කරන්නේ, තිස් වසරක යුද්ධයේ වගකීම සිංහලයා වෙත පැවරීමටයි.
>
> මා දු‍ටුවා සමහරුන් මෙම දරුවාගේ ක්‍රියාව අනුමත කරලා තිබෙනවා, විවෘත්තව
> බැලුවොත් පෙනෙනවා ඔවුන් මෙය අනුමත කරන්නේ බන්දුල ගුණවර්ධන කෙරහි ඇති
> ද්වේශය නිසාමයි කියලා. එහෙත් යම් ලෙසකින් සිංහල දරුවෙක් දෙමළ සංධනයේ ඇමති
> කෙනෙකුට වැඳීම ප්‍රතික්ශේප කළානම් ඒ උදවිය කුමක් කියාවිද යන්න ඔබ සිතා
> බැලිය යුතුයි.
>
> අපි මෙම වෙබ් අඩවි හරහා උත්සාහ ගන්නේ සිංහලයින් තම බෞද්ධ සංස්කෘතිය සහ
> ජාතිය අමතක කරමින් බටහිර සංස්කෘතිය වැළඳගනිමින් බටහිරකරණය වීම වැළැක්වීමට
> මිස අන් ජනවර්ගයක් පහත් කිරීමට නොවෙයි. එහෙත් දෙමළ වර්ගවාදය එදා සිටම
> පැවතුනේ සිංහලයාව යටත් කර මෙරට ඇල්ලීමට බව යටපත් කළ නොහැකි යථාර්තයක්.
> එසේම සිංහල ජාතිකත්වය වෙනුවට මහාචාර්ය නලින් සිල්වා වැනි වියතුන් ගෙන යන
> “සිංහල බෞද්ධ ජාතිකත්වය” තුළින් කිසි දා ජාතිවාදීන් බිහි වන්නේ නෑ, බිහි
> වන්නේ ජාතිහිතෛශීන් විතරයි. එයට හේතුවනම් බුදු දහමට අනුව තමන්ගේ ජාතියට
> හිතවත් විය හැකි වුනත් වෙනත් ජාතීන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය යෙදීම කිසි
> සේත්ම අනුමත නොකරන නිසයි.
>
> පසුගිය යුධ සමයේ කොටි පාලන ප්‍රදේශ වලදී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු
> අනෙකුත් සිංහල නායකයින්ගේ පඹයන් සාදා දෙමළ දරුවන් ලවා ඒවාට පොලු වලින්
> ගැස්සවූ හැටි ඒවා ගිණි තැබූ හැටි ඔබ රූපවාහිනී වලින් දකින්නට ඇති. ඒ
> මානසිකත්වය තවමත් මේ දරුවන් සහ ඊට අනුබල දුන් දෙමාපියන් තුළ තිබෙනවා විය
> හැකියි. ඒ ගැන රජය මීට වඩා අවධානය යොමු කළ යුතු අතර වෙසෙසින්ම කුඩා
> දරුවන්ව ජනවර්ග වශයෙන් මිශ්‍ර කර පාසල් වලට බඳවා ගැනීමත් ඉතා වැදගත්.
> [ඉතාලියේ ඇති නීතිරෙගුලාසි අනුව එක් පාසලකට ඇතුළත් කළ හැක්කේ අන් ජනවර්ග
> වල දරුවන් 30% ක ප්‍රමාණයක් විතරයි, අනාගතය ගැන සිතා එවැන්නක් අපේ රටේත්
> සම්මත කළ යුතු බව මාගේ අදහසයි.] එහිදී උතුරු නැගෙනහිර සිංහලයින්ව නැවත
> පදිංචි කිරීම වැදගත්ම කරුණ වෙනවා. එසේ නොවුනහොත් මෙවැනි ජාතිවාදී විශබීජ
> ඔළුවට දාගන්නා දරුවන්ගෙන් අනාගතයේදී තව තවත් ජනඝාතක ප්‍රභාකරන්ලා බිහි
> වේවි.
>
>     Link    - http://sinhalabuddhist.com/2011/09/worship/
>
> --
> තෙරුවන් සරණයි !
> --
> If You Unable to read SINHALA, GET SINHALA From,
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
> ==================================
> E-MailSriLanka E-Mail Group
> ==================================
> http://groups.google.com/group/emailsrilanka
>
> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>
> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
> To UNSUBSCRIBE from this E-Mail Group,
> send email to :
> [email protected]
> ==================================
> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
> To SUBSCRIBE to this E-Mail Group,
> send email to :
> [email protected]
>
> OR Go to,
> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
> =================================
> For Invite Members
> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
> http://groups.google.com/group/emailsrilanka/members_invite
> ............................
> බුදු සසුන බැබලේවා !
>

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to