සුත්ත නිපාතයේ පාරායන සුත්‍රය

බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන සමයේ භාවරී නම් බ්‍රාහ්මණයෙක් තමාගේ 
අනුගාමික 500 ශිෂ්‍ය පිරිස සමග තම ආශ්‍රමයේ වාසය කරන සමයේ එක්තරා තවත් 
බ්‍රාහ්මණයෙක් පැමිණ යම් මුදලක් ඉල්ලා සිටි විට භාවරී බ්‍රාහ්මණ ඊට දුන් 
ප්‍රතිචාරයට උරණ වී භාවරී බ්‍රහ්මනයට ශාප කලේ වීය. එම ශාපය නම්,
තව දින හතකින් භාවරී බ්‍රාහ්මණයාගේ හිස සත් කඩකට පැලෙන ලෙස ශාප කළේය. මෙම ශාපය අසා 
භාවරී බ්‍රාහ්මණය ඉතාමත් දුකටත් කනස්සල්ලටත් පත් වී නොකා නොබී දින ගණනක් සිටියහ. 
නමුත් මෙම බ්‍රාහ්මණ තුමා වේදයේ කෙල පැමිණියෙකු වන අතර ධ්‍යාන මට්ටම දක්වා සිත 
දියුණු කර ගත්තෙකු විය. ඉතින් මේ නිසා යම් යම් දෙවිවරු මෙතුමාට සිත කැමතිව වාසය 
කළේය. මේ අතර මෙතුමාගේ සිත දුටු එක්තරා දේවතාවියක්
 බ්‍රාහ්මණ තුමා මුණ ගැසී එතුමාට කල ශාපය ගැන විමසීය. බ්‍රාහ්මණ තුමා එය විස්තර කර 
එහි තේරුම විමසීය. එවිට දේවතාවිය ද එහි තේරුම නොදන්නා බවත් නමුත් එයට නියම 
සුදුස්සා ගුරු උපදේශ රහිතව තුන් ලෝකයම තතු තම නුවනින් දන්නා තිලෝගුරු සම්මා 
සම්බුදු රජාණන් වහන්සේ ලෙස දන්නවා නොපෙනී ගියේය. 
මෙවිට භාවරී බ්‍රාහ්මණ තුමා තම ගෝල පිරිස අමතා, යන්න අසුවල් තැන මේ මේ ආකාරයෙන් 
බහුශ්‍රුතවූ, මේ මේ ගුණයන්ගෙන් උතුම් වූ, අරිහත් වූ, සම්මා සම්බුද්ධ වූ, තිලෝගුරු 
වූ තථාගත සම්මා සම්ම්බුදු රජාණන් වහන්සේ වැඩ වාසය කරයි. නුඹලා එහි යන්න තථාගතයන් 
වහන්සේ සම්මුක වෙන්න, මුලින්ම හොදින් පරික්ෂා කර බලන්න. දෙතිසක් වූ මහා පුරුෂ 
ලක්ෂණයන්ගෙන් යුක්ත වූ ඒ මහා පුරුෂයාට ඇත්තේ ගති දෙකයි. එකක්
 සක්විති රජකම අනෙක ලොව්තුර සම්මා සම්බුද්දත්වයයි. ඉදින් මෙසේ දෙතිස් මහා පුරුෂ 
ලක්ෂණයන්ගෙන් සහ අට අනුවක් අනු ව්‍යන්ජනයෙන් පරි පුර්ණ වූ ඒ උතුම් පුරුෂය අබියසට 
ගොස් එකත්පස වාඩිවෙන්න. කිසිවක් මුවින් නොවිමසන්න. සිතින් විමසන්න. එවිට එතුමන් 
වහන්සේ වචනයෙන් පිළිතුරු දේවි, ආදී වශයෙන් උගන්වා සිසුන් පිරිස පිටත් කර යැවීය. 
සිසු පිරිසද ඒ ලෙසම කල අතර, පිරිසේ සිටි ජෙෂ්ටතම සිසුව වූ
 අජිත නම් සිසුවා තම සිතින් පහත ප්‍රශ්න බුදුන් වහන්සේගෙන් විමසීය,
අපගේ ගුරුතුමාගේ නම කුමක්ද? වයස කීයද? එතුමාගේ ඇති මහා පුරුෂ ලක්ෂණ කීයද? ඒ මොනවද? 
වේදය පිලිබඳ එතුමාගේ දෙනුම කෙසේද? ආදී ලෙස විමසීය.
මෙවිට අප සම්මා සම්බුදු බුදු රජානෝ "අජිත තොපගේ ගුරුවරයාගේ නම භාවරීය. අවුරුදු 
එකසිය විස්සක් වයසය, ඔහුට මහා පුරුෂ ලක්ෂණ තුනක් ඇත, එනම් ඌර්න රෝම ධාතුවක් පිහිටා 
තිබීම, තමාගෙන දිවෙන් නළල් තලය තෙක් පිරිමැදීමට හැකි වීම සහ කෝෂයකින් පුරුෂ 
නිමිත්ත වැසී තිබීම. ඒ වගේම ඔබගේ ගුරුතුමා වේදය පිලිබඳ කෙල පැමිනියෙකුය යනාදී 
වශයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කල විට, අජිත මානවක ඇතුළු සෙසු
 පිරිස තථාගතයන් වහන්සේට දොහොත් මුදුන් දී වන්දනා කළහ.
අනතුරුව අජිත් මානවක තථාගතයන් වහන්සේ අමතා මුදුන යනු කුමක්ද? පලනවා යනු කුමක්ද ? 
ලෙස අසන ලදී. එවිට තථාගතයන් වහන්සේ, තෘෂ්ණාව මුදුන බවත්, අවිද්‍යාවෙන් යුතුවූ ලෝභ, 
ද්වේශ, මෝහ විනාශ කිරීම පැලීම ලෙස වදාල සේක.
පිරිස අතර සිටි ඉතාමත් වයෝවෘද වූ පින්ගිය නම් වූ මානවකය, තමාගේ වෘද භාවය පිලිබඳ 
විස්තර කර, මේ තරම් වටිනා, උසස් වූ දහමක් මුණගැසී මරණයට පෙර නිවන් දැකීමට අවශ්‍ය 
බව ප්‍රකාශ කර සිටියේය. එවිට තථාගත අරිහත් සම්මා සම්ම්බුදු රජාණන් වහන්සේ, 
"පින්ගිය ඔබේ රුපය දිහා බලන්න, නිරන්තරයෙන් ජරාවට පත්වන, දිරා පත්වන, ලෙඩ වන මේ 
කුණු ශරීරය අසුබ ලෙස දකින්න, ආදී වශයෙන් දේශනාවක් කල සේක. මෙම දේශනාව
 අසා දහ අටක් පමණ වූ ප්‍රධාන භාවරී ශිෂ්‍ය පිරිස සෝවාන් ඵලයේ පිහිටියේය.
දේශන අවසානයේ තථාගතයන් වහන්සේට වන්දනා කල පිරිසෙන් පින්ගිය උපාසක තුමා නැවත තම 
පුර්ව ගුරුතුවා අභිමුකව පෙනී සිට, භාවරී අප තථාගත සම්මා සම්ම්බුදු සරණ ගියෙමු, ඒ 
යම්සේ ඵලයෙන් හීන, විසාල රුක්ෂ වලින් හීන වූ වනය හැරදා, ඵලයෙන්, රුක්ෂයෙන් මහත් වූ 
වනයන්ට පක්ෂීන් යම් සේ ඉගිලේ ද මමද ධර්මයෙන් හීන වූ, විද්‍යාවෙන් හීන වූ ඔබ හැරදා 
බුදු රජානෝ සරණ ගියෙමි. ඒ තථාගත දර්ශනය මෙසේ උනා, මෙසේ
 වෙනවා ආදී වශයෙන් අතීත හා අනාගතයට භාර කරන ධර්මයක් නොවේ. ඒවායින් විනිර්මුක්ත වූ 
වර්තමාන වුත්, යථාර්තවදීවුත් තුන් කාලයටම යෝග්‍ය වූ දහමකි. රාගය, ද්වේශය, මෝහය නරක 
බව සෑම අගමකින්ම පැවසුවද, ඒවගේ යථා ස්වභාවය කුමක්ද? ඒවා ප්‍රහීනත්වයට පත් වන්නේ 
කෙසේදැයි බුද්ධ දේශනාවේ පමණක් ඊට පිළිතුර විය.
  "නතේන ධම්මෙන ධම්මෙන සමත්ති කිංචි"
   මීට සමාන වෙනත් කිසිම දහමක් නැත්තේය.
ඔබ මගේ පුර්ව ගුරුවරයා වූ බැවින් මෙසේ පැමිණ බුදුන් සරණ යන්නයි ආරාධනා කරන්නෙමියි 
පින්ගිය උපාසක තෙමේ කියා සිටියහ. මම දැන් කයින් දුර්වලයි, මහ බර බරක් දරන්න, රැගෙන 
යන්න, දකින්න අපහසුයි. නමුත් මනසින් මම බුදුන් සරණ යමි, බුදුගුණ දරා සිටිමි, 
බුදුන් දකිමියි ප්‍රකාශ කර සිටියේය.
තථාගතයන් වහන්සේගේ අපුර්ව ස්වභාවයක් ඇත්තේය. එනම් පෘතජන වූ ජනයා කෙරෙහි වැඩි 
අවධානයක් යොමු කරවිය. යම් සේ ළමයි ඉතා කුඩා කල දොරවල් වලට වැට ගසා ආරක්ෂා කරන 
දෙමපියන්සේ, එමෙන් ඔවුන් මදක් වැඩුනු පසු තමන් බස් වල ගියත් මුදල් ගෙවා දරුවන්ව 
වාහන වල යවන්නා සේ, තව තවත් වැඩුනු පසු බස් එකේ යාමට මුදල් දෙන අතර, විවාහ වී තමන් 
ගැන බලාගන්න හැකි විට ඇත් කරන ආකාරයෙන්, තථාගතයන් වහන්සේ සෝවාන්,
 සකුර්දගාමී, අනාගාමී, අරිහත් පිරිස කෙරෙහි අවදානය යොමු කරන පිළිවෙල ද වෙනස් වේ. 
වැඩි අවධානය පෘතජන ජනයා කෙරෙහි යොමුකර විය. වරෙක එක භික්ෂුවක් අනාචාරයේ හැසිරීම 
අරමුණු කරගෙන එක කාන්තාවකට ආරාධනා කළේය. මෙය සිදුවූ විගස එම භික්ෂුව ඉදිරියේ පෙනී 
සිටි තථාගතයාණන් වහන්සේ "භික්ෂුව සිහි එළඹ ගන්න" යයි පවසා දහම් දෙසු සේක. තවත් 
වරෙක බුදුන්ගේ රුපශ්‍රියට ආශාවෙන් මහන වූ වක්කලී භික්ෂුවකට
 "මෝඩ මහන, අධම මහන දෙතිස් මහ කුණුපයන්ගෙන් සැදුනු තථාගත ශරීරය දෙස බලා කුමක් නම් 
කරන්නෙහිද" ලෙස දෝෂා රෝපණය කළහ. එය අසා කලකිරුණු වක්කලී භික්ෂුන් වහන්සේ කන්දකින් 
පැන මැරෙන ලෙස සිතා පනින විට ආලෝක ධාරාවක් ලෙස තථාගතයන් වහන්සේ පෙනී සිට දහම් දෙසා 
එම භික්ෂුව සෝවාන් ඵලයට පැමිනවා තිබේ.
මේ ආකාරයෙන් උතුම් වූ ලොව්තුරා ශාන්ති නායක සම්මා සම්ම්බුදු රජාණන් වහන්සේ සිහිකර 
අපිත් බුදුගුණ භාවනාව (බුද්ධනුස්මෘතිය) වඩමු.

සාදු _/||\_ සාදු _/||\_ සාදු _/||\_

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to