ශ්‍රද්ධාව කුමක්ද? කරන්නම්වාලෙ කරන්නක්ද? මෙය පලයක් තිබෙන්නක්
ද? මට ඇති වාසිය ? ශ්‍රද්ධාව ඇතිවන්නෙ කෙසේද?  මෙවැනිවූ ගැටළු පවතින සංකිර්න වූ
සමාජයක යමෙකුට හැගෙනවා විය හැක,තම ජීවිතය යහපත් කරගන්න හැම තප්පරයක් යොදවනුයේ
රුපියල් වලට ඉව ඇල්ලීමය  මොහොතකට ඔබලාව ශ්‍රද්ධාව යන්න කුමක්ද හා එහි ආදීනව ගැන
මට ලැබුන හොද පැහැදිලි කිරීමක් සහිත ලිපියක් ලොක්කන් පොඩ්ඩන් කාටත් හොද දෙයක්
වන නිසාවෙන් ඔබ අතරට ගෙන එන්නට සිත්විය  මෙය අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක
මාහිමිපාණන් වහන්සේ විසින්කරවුවකි.
                     ශ්‍රද්ධා යනු හොඳ හැටි තැබීම යි. කවරක් තැබීම ද? සිත්
සතන් හොඳ හැටි තැබීම යි. කොහි හොඳ හැටි තැබීම ද? බුදුරජාණන් වහන්සේ, ශ්‍රී
සද්ධර්‍මය, ආර්ය සංඝයා, ත්‍රිවිධ ශික්‍ෂා, පෙර ජාතිය, මතු ජාතිය, පෙර මතු දෙ
ජාතිය හා ප්‍රතීත්‍ය සමුත්පාදය යන අට තැන්හි හොඳ හැටි තැබීම යි. ඒ අට තැන්හි
කෙසේ තැබීම ද? අඤ්ඤාණ = බුද්ධාදි වස්තු අට කවරේ දැ යි නොදැනීම ය, සංසය = යට කී
අෂ්ට වස්තූහු වූහු ද, නො වූහු ද, නො වෙත් ද යන ආදි වශයෙන් ඇති වන සැකය,
මිච්ඡාඤාණ = බුද්ධාදීන් ගැන වරදවා සිතීම ය යන කිලිටිවලින් තොර ව තමා ගේ
සිත්සතන් නිසි සේ තැබීම යි.
                           ශ්‍රද්ධා ශබ්දය අර්ථ වශයෙන් මෙ සේ හෙයින් බුද්ධාදි
අට තැන්හි, අඤ්ඤාණ - සංසය - මිච්ඡාඤාණ යන කෙලෙසිලිවලින් තොර ව භක්තියවිශ්වාසය
තැබීම, පිහිටුවීම ශ්‍රද්ධා නම් වේ. පරමාර්ථ වශයෙන් කියත් හොත් සියලු යහපත්
සිත්හි ඒකාන්තයෙන් ම යෙදෙන්නා වූ සිතෙහි ප්‍රසන්නභාවය ඇතිකිරීම් වශයෙන් පහළ වන
ශොභන චෛතසිකයෙකි.
ශ්‍රද්ධා ශබ්දයාගේ පළල් වූ අර්ථයක් ඇත ද සාමාන්‍යයෙන් බෞද්ධයන් අතර තුනුරුවන්
කෙරෙහි අවංක විශ්වාසය ම ගණන් ගනු ලැබේ. සියලු සසර දුක් නැති කොට අමා මහ නිවන්
ලබනු සඳහා බුදුරුවන් අසහාය අනුශාසකයන් ලෙස ද, දමුරුවන් සංසාර මුක්තිය ලබන
උපදෙශය ලෙස ද, ඒ බුදුරජාණන් වහන්සේ ගේ අනුශාසනය පරිදි ධර්‍මෞෂධය පානය කිරීමෙන්
සියලු කෙලෙසුන් නසා සුවපත් වූ සඟුරුවන් සර්‍ව දුක්ඛයන් විනාශ කිරීමෙහි ආදර්‍ශ
දායකයන් ලෙස ද සසරින් මිදීම පිණිස නොවරදින පිහිට යැ යි නොකෙලෙසුණු සිතින්
විශ්වාසය තැබීම ම ශ්‍රද්ධා නම් වේ.


-- කියවන්න
<http://mahason-brotherhood.blogspot.com/2011/10/blog-post_7310.html#%21/2011/10/blog-post_7310.html>

*මහසෝන් සමාජය -   *

“සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු  හා සත්‍යයයි”
Nope! This is not worthy to print!!!

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to