අපගේ උගත් විදුකුරුවන් එදා සිටම කියන්නේ ජීවියෙකුට ජලය සහ ඔක්සිජන් නැතිනම් ජිවත් වීමට නොහැකි යයි කියයි. මේ පහත සඳහන් කතාව ඇත්ත වුවත් නැතත් ඉහත තර්කයෙන් ඔබ්බට අපට සිතීමට දෙයක් ඉතිරි කර ඇත. ඇසට නොපෙනෙන තරංගයන් කෝටි ගණනකට මැදිවී සිටිනා අපි මෙතෙක් කල් සොයා නොගත් තරංගයන් මිහිපිට ඇතියි විස්වාස කිරීමට මැලි වෙන්නෙමු. අපට සිතිවිල්ලක් පහල වන සැනින් එම සිතිවිල්ලම අපගේ කිට්ටුම මිතුරකුට පහල වූ අවස්ථා ඔබට අනන්තවත් ඇතියි මම සිතමි. එක වර ඔබ හා ඔබේ මිතුරකු එකිනෙකට දුරකථන ඇමතුම් ගැනීමට උත්සහ කල අවස්ථා ඔබටද ඇතියි මම සිතමි.
එය එසේනම් අපට නොපෙනෙනා අද්යාත්මික බලවේග මේ ලොව ඇතිය යන්න අපට බැහැර කල නොහැක. ධ්‍යාන වඩමින දිගු කලක් නිරාහාරව සිටි පුද්ගලයන් ගැන ද අප අසා ඇත. එසේනම් ජීවි කොටස් අඟහරු ග්‍රහයා මත සිටි යන්න අප විස්වාස කල යුතුය. සිත මිස කඳ නැති ජීවින් ගැන අප අසා ඇති කතා දැන් මෙනෙහි කිරීමට කාලය ඇවිත් ඇති බව මට නම් සිතේ. විද්‍යාව දියුණු යයි කෙතරම් මොර ගෑවත් මිනිස් බලය ඉක්මවා යාමට තවම පුළුවන් කමක් නැත. උදාහරණක් ලෙස මම අපගේ දෘෂ්ටි ස්නායුව ගනිමි. එහි දත්ත වේගය අනුමාන කලද තවම එයට ගැලපෙන උපාංගයක් කිට්ටුවටවත් පැමිණීමට විදුකුරුවන් සමත් වී නොමැත. ධ්‍යාන වඩමින් දිගු කල් නිරාහාරව සිටිමින් වයිධ්‍ය විද්‍යාවට අබියෝග කල පුද්ගලයින් ගැන අපි අසා ඇත්තෙමු. එසේනම් බුදු දහමට ඉතාම අනුකුල වන මෙම මාතෘකාව ගැන අපව දැනුවත් කරන මෙන් මේ මිතුරු සමාජ වල ඉන්නා උගතුන්ට මම ආරාධනා කරමි. තෙරුවන් සරණයි! ගාමිණී අඟහරු ග්‍රහයා මත දුම්රිය ස්ථානයක් http://www.divaina.com/2011/11/13/train.jpgඅඟහරු ග්‍රහයා මත දුම්රිය ස්ථානයක්, දුම්රිය පාරක් සහ දුම්රිය මැදිරියක් තිබෙන බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත. එහෙත් ජෝශප් ස්නිපර් නමැති අභ්‍යවකාශ ගවේශකයා අඟහරු ග්‍රහයාගේ ඡායාරූප විමර්ශනය කිරීමෙන් මෙතෙක් හෙළි නොවූ රහස් හෙළි කර තිබේ. ස්නිපර්ගේ මේ තොරතුරු ගැන රුසියානු අභ්‍යවකාශ විශේෂඥයන් එකඟ වී ඇත. අඟහරු ග්‍රහයා මතුපිට ඇති විශාල ආවාටය අසල විවිධ ඉදිකිරීම් ද ක්‍රියාත්මක වී ඇතැයි ජෝශප් ස්නිපර් කියා සිටී. මේ රහස් තොරතුරු හෙළිවීමත් සමග ඇමරිකානු නාසා ආයතනය "නිව් රෝවර්" යානාව එකී ආවාටය අසලට ගොඩබැස්සවීමට සැලසුම් කර තිබේ. රුසියානු අභ්‍යවකාශ කොමිසමේ ජෝර්ඡ් ජයාකෙට් පවසන්නේ අඟහරු මත දුම්රිය ස්ථානයක් ඇති බවට ස්නිපර් කළ ප්‍රකාශය සත්‍ය බවයි. ජෝශප් ස්නිපර් දක්වන අන්දමට විශාල ආවාටයේ සිට සැතපුම් 1000 ක් දුරින් දුම්රිය මාර්ගය විහිදී ඇත. මේ ආවාටය ඛනිජ වස්තුවලින් පිරි ස්ථානයක් යෑයි ඔහු තවදුරටත් කියා සිටී. අපට වඩා දියුණු පිරිසක් අඟහරු ග්‍රහයා මතුවිට සිටින බව මින් පැහැදිලි යෑයි ස්නිපර් කියා සිටියේය. ස්නිපර්ගේ මේ හෙළිදරව්ව සමග අඟහරු ග්‍රහයා තුළ පිටසක්වල ජීවීන් සිටින බවට සැකකෙරේ. මෙයට වසර ගණනකට පෙර ඇපලෝ යානාව සඳ මතට පා තැබූ අවස්ථාවේ විශාල ආගාධයක සිටි ජීවීන් පිරිසක් තමා දුටු බව එක් ගගනගාමියකු පවසනු ලැබීය. එහෙත් එම ප්‍රකාශයට නාසා පාලක මැදිරිය විසින් බාධා කර ඇතැයි පසුව හෙළි විය. මේ පසුබිම යටතේ අඟහරු ග්‍රහයා සම්බන්ධ වූ පරීක්ෂණ වැඩිදියුණු කර ඇත. ඇමරිකානු නාසා ආයතනය "නිව් රෝවර්" නමැති චන්ද්‍රිකාව සහ ඊට අනුබද්ධව ගොඩබැස්විය හැකි යානාවන් යෑවීමට සැලසුම් කර ඇත්තේ මේ තොරතුරු නිසාය. කීර්ති වර්ණකුලසූරිය -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
<<image001.jpg>>
